Tuesday, January 31, 2017

අඳුරු දවසක්

මේ  ලඟදි faculty එකේ ළමයෙක් මම blog ලියනවද ඇහුව . ඉඳල හිටලා ලියන එකක් තියෙනවා කිවා .සිංහලෙන් ලියනවද ඇහුව .තාම ලිවේ නෑ කියල තමයි එදා කීවෙ . අද මුලින්ම ලියන්න හිතුණා . අදත් නොලියන blog කවද ලියන්නද  ?
අද ජනවාරි 31. අවුරුද්දේ දවස් වලින් ගොඩක් කැමති දවසක් , හේතු ගොඩක් නිසා . වෙනදා වගේ අද උදෙත් කැමැත්තෙන් පටන් ගත්ත . උදේ වැඩ ටික කරලා අලුත් කඩේ උසාවිය ලඟට ගියා , තීන්දුව කලින්ම දැනන් හිටියත් , පොඩ්ඩක් හරි අධිකරණය කියන එක ගැන කොහේදෝ කොනක තිබ්බ බලාපොරොත්තුවකුත් එක්ක . හිතුවටත් වඩා බරපතල තීන්දුවක් . වෛද්‍ය සභාවට , ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට , ප්‍රමිතිය කියල එකක් තියෙනවනම් ඒකට, ආයේ කවදාවත් ගොඩගන්න බැරි විනාශයක් . මොකද ඔය නීතිය හෙට ඉඳන් අහන හැම නඩුවෙම බලන්නේ කලින් නඩුවේ කොහොමද කිවේ කියලනේ .( දන්න තරමට ). SAITM  වගේ ඒවත් පිළිගත්තා නම් , ආයෙ දාන PMC එකක තව මොන ප්‍රමිතියක්ද .
මම දන්න තරමට අධිකරණ වුනත්  තමන් දන්නැති විෂයය  (අධිකරණ වෛද්‍ය විද්‍යාව වගේ  ) ගැන expert witness ගෙන්නලා මතය අහනවා . අද තීන්දුවේ හැටියට මේ expert witness කොහෙන් කොහොම ආවත් ඇමතිලා දෙන්නෙක් "හා" කියනවනම් නිත්‍යනුකූලයි  . වෛද්‍ය සභාව ඔය කවුරු කොහෙන් ආවත් ලියාපදිංචි කරන්ඩ ඕනෙ . මම හරියට නීතිය දන් නෑ . මට තේරුණ විදිහ තමයි ඔය.
උද්ඝෝෂණය ඉවර වෙලා hostel ගියාම facebook ගිණි අරන් . අපි යුද්ධයක් පැරදුනා වගේ කට්ටිය හූ කියනවා , හුරේ දානවා , "ඔබට සතුටුයි ද " අහනවා. තවත් සමහරු අපිට රස්සාවක් නැතුව පාරෙ ඉන්ඩ වෙන්නෙත් කියනවා. ඔය අස්සේ දැන් රස්සාවක් හොයාගන්ඩ Somalia යන්ඩ වෙයි කියපු ප්‍රාථමික බුද්ධි මට්ටම් වල කීපදෙනෙකුත්  හිටිය . මම දන්න තරම මෙච්චරයි . නඩු තීන්දුව ගැන සෑහෙන්ඩ දුකයි . මගේ බුද්ධි මට්ටමේ තරමට ඒ තීන්දුව මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයටම ලොකු බලපෑමක් . හැබැයි ඒ තීන්දුව ගැන සෑහෙන ප්‍රීතියෙන් උඩ පනින අයගේ විනෝදජනක අදහස් ගැන නම් සෑහෙන්ඩ සතුටුයි , විභාගේ ඉවරවෙලා නිකං ඉන්න එකේ කරන්ඩ දෙයක් තියෙන්ඩ එපැයි . අපේ රස්සාව ගැන අපිට වඩා හිතන ගොඩක් අය ගැන අද තමයි දැනගත්තේ . හැබැයි , SAITM නිසා රස්සා නැතුව අපි පාරේ දකින්ඩ කැමති අයට නම් පොඩි නරක ආරංචියක් තියෙනවා . අන්තිම විභාගේ ඉවර වෙලා ප්‍රථිපල එන්ඩත් කලින් මාත්  එක්ක ඉගෙනගත්ත ගොඩක් අය දැනටමත් රස්සා කරනවා . අනික් එක ඔය කියන විදිහට , අපේ රස්සාව හෙට ඉඳන් හරිම තරඟකාරී වෙනවා . අපි ඒ තරඟ උඩින්ම පරදිනවා . (හරියට අපි තරඟ කරලා පැරදිලා හොර පාරෙන් ආව වගේ ) ලංකාවේ විභාග බොහොමයක් හරි විදිහට තරඟ කරලා ආපු අයට , තරගේ පැරදුන අයට භය වෙලා තමයි දැන් ඉන්න වෙන්නේ . මීට‍ කලින් පුද්ගලික ඉංජිනේරුවෝ ඔය විදිහට ආව නිසා අපේ ඉංජිනේරුවෝ දැන් රස්සා නැතුව ගෙදරනේ ඉන්නේ . :D

සරළව කීවොත් මටවත් , මම දැනට කරන රස්සාවටවත් , ඉස්සරහට කරන්න ඉන්න රස්සාවටවත් ඔය කියන ඍජු බලපෑමක් මට නම් පෙන් නෑ . හැබැයි මේ තීන්දුව නිසා මුළු රටටම ගොඩක් ලොකු අහිතකර බලපෑම් වෙයි ඉස්සරහට . මගේ අත්දැකීම අනුව ,ශිෂ්‍යත්වෙ pass වෙලා , නුවර ඉස්කෝලෙකට ගිහින් , O /L , A /L  pass වෙලා කොළඹ වෛද්‍ය පීඨයට ඇවිත්  , වැඩ ඔක්කොම අස්සේ තමන් ඉගෙනගත්ත ක්‍රමයට පින්සිද්දවෙන්න සතයක් වත් නැතුව උගන්නපු වෛද්‍ය වරුන් ගෙන් (Consultants , Senior registrars , registrars , SHO ,RHO , MO , HO ) ඉගෙන ගන්න අපිට තිබ්බ වාසනාව , තව අවුරුදු කීපයකින් නැතිවෙයි කියන භයයි , දුකයි තියෙනවා . මොකද ඔය කියන ඉතිරි PMC ටිකත් දාල ගත්තම , සල්ලි මත්තෙම වෛද්‍ය අධ්‍යාපනය තීරණය වෙන්න ගියාම , මේ system එක අවුල් වෙන එක විශ්වාසයි  . ඒකෙ ලක්ෂණ අපි පුහුණු වෙද්දිත් දැක්කා .

වෛද්‍ය සභාවට නඩුවෙන් වුණදේ ඔය කෝකටත් වඩා භයානකයි . ඒ ගැන දැන්වත් අපේ මහාචාර්ය , ආචාර්යවරු , Professional Colleges - තමන්ගේ දරුවා SAITM වුණත් නැතත් , ආයෙත් හිතයි කියල පොඩි බලාපොරොත්තුවක් තියෙනවා . ඒකත් ඉතින් අද අධිකරණෙ ගැන තිබ්බ බලාපොරොත්තුව වගේම වෙන්ඩත් පුළුවන් බොහෝදුරට .

ජීවිතේ අයෙත් ජනවාරි 31 , වෙනද වගේම බලන් ඉන්න දවසක් වෙන්ඩත් පුළුවන් නැති වෙන්ඩත් පුළුවන් . හැබැයි 2017 ජනවාරි 31, ජීවිතේ කවර දාවත් අමතක වෙන් නැති අඳුරු දවසක් වෙනවා සත්තයි !

3 comments:

  1. Kastor Pampayor - Casino in Kastor - Kadangpintar
    Kastor Pampayor is a modern place to play, a casino kadangpintar of gaming, slots, table games, casino table games and live dealers. This casino is located in Kastor,

    ReplyDelete